සක්මන් කල පෙම්බර සිත..

සක්මන් කල පෙම්බර සිත..
ඉක්මන් කර සංසුන් කල….
නොකියා ඔබ ගිය දවසෙම
හැඩුවා මම තුන්තිස් පැය…

මට කවදත් නැති වුන ඔබ…
එනමුත් සැමදා හිමිවුන..
සසරින් සසරට ආ මඟ…
මා වෙමි ඔබගේ ප්රිය ලඳ.

නොවෙනස් ලෙස තැම්පත් වුන..
හැමදාමත් ඔබ ගත් මඟ..
කුමවූවත් දුක් බර උන..
සැප අත්හැරි ඔබගේ මම..

බුදු වන්නට පෙරැමන් ලද
එය වුනු බව දැනගත් විට..
මේ තුන් ලොව හැමටම පෙර…
නිවන දැක්කෙ මාගේ පෙම…

Advertisements

ටීචාලංකාරය

ටීචාලංකාරය……..

බුරිය පෙන්නන සාරිය ..
ලොවෙත් පිට නැති හැට්ටය ..
පාසලට අපෙ සුරලිය ..
වනමි මා ටීචාලංකාරය..

පන්තිය අපෙ ටුවෙල් සී ..
කොල්ලො ටික ෆුල් නොයිසී..
“මචංලා අර කම් සී ” ..
හදිසියේ එක් අයෙක් පැවසී..

එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය ..
හක්ක පනිනා ගානය ..
දික් කරපු අත මානය ..
බැලුව අප කිමදැයි විකාරය..

අර එපිට කොරිඩෝරය ..
පන්තියට අපෙ පාරය ..
කොනෙන් මතු වුන සාරිය ..
දැක සියලු සිත් ෆුල් බකල් විය..

ටක ටකස් හැඩ පැතිරී ..
විය අපේ කන් බිහිරී ..
අයිස්චර්යත් පදිරී ..
අලුත් ටීචර් නමින් මිහිරී..

ගමනෙ තාලෙට පැද්දෙන ..
උකුල එහෙ මෙහෙ විසිවෙන ..
කුමට ඇස් මේ නොදකින ..
දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන..

පොත් මිටිය ගෙන වමතට ..
රැගෙන සාරිය දකුණට ..
ඔතා රවුමක් ඉනවට ..
සිනා සලමින් ආව ඇතුලට..

නොවී පමනක් දෑසට ..
මිහිර දැනුනා නහයට ..
පිබිදුනා හිත සුවඳට ..
වැස්ස වාගෙයි වැටුන කතරට..

ආයුබෝවන් කී සර ..
ලැමැද දෑතට සිර කර ..
හැට්ටයේ කැපු ඇගෙ කර ..
සිහි කරා අර නෝටි ටීචර..

හැට්ටෙ පහලින් ඇති ඉඩ ..
කිරිගරුඬ වගෙමයි හැඩ ..
ගැහුන හදවත දඩ දඩ ..
දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ..

හැට්ටෙ පහලට අඩියයි ..
එතැන තැන ඇගෙ බුරියයි ..
අඟල් තුනකින් නෙරියයි ..
බලනකොට නං මාර සුදියයි..

බැඳලා උඩට තද කර ..
ඇතිය හංසයො සිරකර ..
සිටියමුත් උන් හැර සර ..
පනීවිද සැක හැට්ටෙ කුඩුකර..

සිනාසෙන ඇගෙ දෙතොලේ ..
ගෑවිලා වගෙ අමු ලේ ..
රෝස පාටයි කොපුලේ ..
අහසෙ පාටයි දෙනෙත් සඟලේ..

හුණූ කූර ගෙන වමතට ..
හැරුණ හරවා ඇගෙ පිට ..
වියපු පැදුරක් තරමට ..
නූල් හැට්ටේ ගනන දහ අට..

ලියන විට ඈ නැමිලා ..
කළු ලෑලි හැඩ කරලා ..
උස නිතඹ ඇගෙ පිරිලා ..
වගේ කලයක් මුනින් නවලා..

හමා සුළඟක් පැමින…
කෙස් කළඹ මන බඳින…
දුටු විටදි හැටි සැලෙන…
තාලෙටම මගෙ හිතත් නටන…

ලියා අවසන පැවරුම…
ගොසින් සිට ඈ ලගටම…
එබිල පොඩ්ඩක් බැලුවම…
බැලුන් වාගෙයි වතුර පිරුනම..

අදින් පසුනං පාසැල…
වගෙයි මටනං පංසල…
නිවන් දකිනා මංසල…
ඇයයි වේලෙන අපට දන්සැල…

ශිල්පයට රස මුසුවී…
ගලා යන හැටි නැලවී…
රැයේදිත් මට සිහිවී…
කොට්ටයේ ඇත පුළුන් විසිරී..

සුර ලොවින් ආ කිඳුරී ..
වගෙයි අප හට මිතුරී ..
කලඹනා සිත මධුරී …
වනමි මේ ලෙස ටීච මිහිරී..

තේරුම්ගන්න

තේරුම්ගන්න…

තේරුම්ගන්න, ඔබට යමෙකුගෙන් ආදරය බලෙන් ලබාගත නොහැකියි. කල හැක්කේ ආදරණීය අයෙකු වීම පමණයි. ඉතිරිය ඔවුන් සතුයි.

තේරුම්ගන්න, ඔබ අන් අයගැන සිතා ක්‍රියා කරන තරමටම ඒ අයගෙන් සමහරක් පෙරළා ඔබ ගැන නොසිතනු ඇත.

තේරුම්ගන්න, ඔබට යමෙකුගේ විශ්වාසය දිනා ගැනීමට වසර ගණනක් ගතවිය හැක. එහෙත් ඒ විශ්වාසය බිඳ දැමීමට ඔබට ගත වනුයේ සුළු මොහොතක් පමණයි.

තේරුම්ගන්න, ඔබ ඔබගේ මිතුරන්ට කොතරම් ආදරය කරා වුවද ඉඳහිට ඔවුන් ඔබව රිද්දනු ඇත. එවිට ඔවුනට සමාව දී මිතුරුදම රැක ගන්න.

තේරුම්ගන්න, ඔබේ ජීවිතය තුළ වැදගත් වනුයේ, ඇත්තේ මොනවාද යන්න නොව වැදගත් වනුයේ ඇත්තේ කවුරුන් ද යන්නයි.

තේරුම්ගන්න, ඔබ ඔබගේ ප්‍රියයන්ගෙන් වෙන්ව යන සැමවිටම ආදරණීය පුද්ගලයෙකු ලෙස සතුටු සිතින් වෙන්වන්න. මන්ඳ ඒ ඔබ, ඔහු හෝ ඇය දකින අවසන් අවස්ථාව විය හැකි බැවිනි.

තේරුම්ගන්න, ඔබ කරන සෑම ක්‍රියාවකටම වගකීම ඔබ සතුය. ඉන් ඔබට දැනෙන හැඟීම කුමක් වුවත් එය එසේමය.

තේරුම්ගන්න, ඔබ ඔබගේ මිතුරන් සමඟ එක්වී යමක් කලා හෝ නොකලා හෝ ඔවුන් සමඟ ඔබ ගත කරන කාලය, ජීවිතයේ ඔබ ගත කරන සුන්ඳරම කාලයන් ගෙන් එකක් බව.

තේරුම්ගන්න, ඔබ ජීවිතයේ වැටුණු අවස්ථාවක ඔබට පහර දේ යැයි ඔබ සිතූ කෙනා ඔබ නොසිතූ ලෙස ඒ වැටුණු අවස්ථාවෙන් ඔබව ඉහළට ඔසවා තබන කෙනාම විය හැක.

තේරුම්ගන්න, ඔබ ජීවිතයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකු කරනුයේ ඔබ ලද අත්දැකීම් සහ ඔබ ඒවායෙන් ලද පාඩම් මිස, ඔබ සමරා ඇති උපන් දින සංඛ්‍යාව නොවන බව.

තේරුම්ගන්න, ඔබ කරන ලද වැරැද්දකට ඔබට අන් අයගෙන් කොතරම් සමාව ලැබුනද ඔබට ඔබගේ හෘද්‍යය සාක්‍ෂියට සමාව දිය නොහැකිනම් ඔවුන් ගෙන් ලද සමාවෙන් ඵලක් නොවනු ඇත.

තේරුම්ගන්න, ඔබගේ හදවත බිඳී ඔබ කොතරම් හඬා වැලපුනද ලෝකය නොනැවතී තම ගමන කරගෙන යනු ඇත.

තේරුම්ගන්න, ඔබගේ උත්සාහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකු වන අතර ඔබගේ ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි.

මගේ හදවත පැයු සඳ නුඹ

මගේ හදවත පැයු සඳ නුඹ

කඳුළු සක්මන්
කරපු හදවත
සෙනෙහසේ මුදු සිසිල තවරා
මගේ හදවත පැයු සඳ නුඹ
ආදරේ සඳ එළිය විහිදා

තබා මගේ හිස නුඹේ උරයේ
සුසුම් උණුසුම් සයුරේ නහවා
මහා මෙරක් සේ නුඹ පුදපු සෙනෙහස
කෙසෙ ලියමිද අකුරු ගලපා

පැයු ගඟනත සුපුන් සඳ නුඹ
මගේ දිවියේ අඳුර පරදා..
මියෙන තුරු හැර නොයමි නුඹේ පෙම
හදපියන් යට සෙනෙහෙ රඳවා….

කළුවර හීනය…

සුළඟට ලෙළෙන රිදී සීනුවකි ප්‍රේමය ….

සුළඟට ලෙළෙන රිදී සීනුවකි ප්‍රේමය ….

රනින් නිමවා රවුම් සිරකුටියක්
සිර නොකර තබා සිතුම් සිය දහසක්

රිදී සීනුවක හැඩයෙන්
ගෙන එන්න මිහිරි ප්‍රේමයක්

හද උයන හොඳින් පෙනෙනා තැනක
සරසමි
සුළඟට කවි කියන
සිලි සිලි හඬින් මුමුණන

ප්‍රීතිමත් සියොත් කටහඬට
මිහිරි තනුවක් කියා දිය හැකි

නුරාගී

කට්ට කපන
පාලු අදුර
නගරේ පුරා
විහිදුනා…

වීදි කොනක
රෑ මනමාලියෙක්
මහට ඉගි කලා

නුරා බැල්ම
පවිටු හැගුම්
දහසක්
මුසපත් කළා

පුන්චි පුතා
මගෙ රන්කද
සැනෙකින්
අමතක උනා

ජීවිතයට
කාළකන්නිකම
ටික ටික
මුසු උනා
විහින් ගත්ත
කරුමය ගැන
හිත තාම තැවෙනවා

පව්කාර හිත
මාව
දිනපතා
දව දවා
නොමරමින්
මරනවා…

image
උපුටා ගැනීමකි

ඈය නමින් සකුන්තලා වුවය

සරසවියට හත් දුරුත්ත පැමිණ තිබේ. වෘශ්ටි බලයෙන් එකට ඇලුණු මුහුළසෙන් පීඩා විදි ඇගේ මුව, සන්තන වර්ශණය මධ්‍යයයේ දුටිමි . ඇගේ ඡවියට නුරා පාමින් හිදි පිළි විනිවිද ඇගේ වත දුටිමි.

කලාතුරකින් දැකිය හැකි රූ සපුවකින් හෙබි ඈ වර්ශණය මධ්‍යයේ මිහිපිට බට දෙව් දුවක් යැයි සිතුවෙමි. ඇහි පිල්ලමකට වැටි වැසි බිදක් දරා ගත නුහි ඇය ඇසිපිය සැලුවාය. දෙවියන් ඇසිපිය සලන්නේ නැත. ඉදින් ඈ මනුශ්‍ය දුවක් මැයි.

ඇය නමින් සකුන්තලා වේරපිටිය වූවාය…..

මා සන්තකයෙහි උන් හර්ද වස්තුවේ ප්‍රත්‍යක බලය තවදුරටත් මා සතු නොවන බව දැනුනි. ඉදින් මම ප්‍රේම දැලෙහි පැටලෙන්නට වීමි.

නමුත් ඇය ඒ වන විටත් මැදියම් රැය පසුවනතුරුත් අවදිව සිටීමට පුරුදුව සිටියාය. අසීමාන්තික රෝමාන්තිකත්වයේ ලාභය විද ගනිමින් සිටියාය. වෙනත් අත්ලක ඇදි රේඛා තම අත්ලේ සමපාත කිරීමට වෙර දරමින් උන්නාය. ඉදින් ඇගේ හර්ද වස්තුවේ ලැගුම් ගැනීමට අවසර නැති සැටියකි.

ප්‍රත්‍යසන්නයේ ඉදිමින් ප්‍රේම කිරීම පසෙකලා දුරින් හිද ප්‍රේම කිරීම තෝරා ගතිමි.සිතින් මවා ගත් සකුන්තලාවියකට පෙම් බස් දෙඩීමට ඉටා ගතිමි.අවකාශමය අත්ල තදින් ග්‍රහණය කරගෙන මාවතේ ඇවිද යාමට සිතිමි.

අවසන කිව යුතුව ඇත්තේ ඇයට මේ කිසිවක් තහනම් කල නොහැකි බවය.

ඉදින් සොදුරිය, ප්‍රත්‍යාසන්නයට නොපැමිනෙන්නෙමි.දුරින් හිදම නුරා පාමි!!!!!

උපුටා ගැනීමකි

rrohanrajapaksha