ටීචාලංකාරය

ටීචාලංකාරය........ බුරිය පෙන්නන සාරිය .. ලොවෙත් පිට නැති හැට්ටය .. පාසලට අපෙ සුරලිය .. වනමි මා ටීචාලංකාරය.. පන්තිය අපෙ ටුවෙල් සී .. කොල්ලො ටික ෆුල් නොයිසී.. "මචංලා අර කම් සී " .. හදිසියේ එක් අයෙක් පැවසී.. එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය .. හක්ක පනිනා ගානය .. දික් කරපු අත මානය .. බැලුව අප කිමදැයි විකාරය.. අර එපිට [...]

Advertisements

තේරුම්ගන්න

තේරුම්ගන්න... තේරුම්ගන්න, ඔබට යමෙකුගෙන් ආදරය බලෙන් ලබාගත නොහැකියි. කල හැක්කේ ආදරණීය අයෙකු වීම පමණයි. ඉතිරිය ඔවුන් සතුයි. තේරුම්ගන්න, ඔබ අන් අයගැන සිතා ක්‍රියා කරන තරමටම ඒ අයගෙන් සමහරක් පෙරළා ඔබ ගැන නොසිතනු ඇත. තේරුම්ගන්න, ඔබට යමෙකුගේ විශ්වාසය දිනා ගැනීමට වසර ගණනක් ගතවිය හැක. එහෙත් ඒ විශ්වාසය බිඳ දැමීමට ඔබට ගත වනුයේ සුළු මොහොතක් පමණයි. තේරුම්ගන්න, [...]

මගේ හදවත පැයු සඳ නුඹ

මගේ හදවත පැයු සඳ නුඹ කඳුළු සක්මන් කරපු හදවත සෙනෙහසේ මුදු සිසිල තවරා මගේ හදවත පැයු සඳ නුඹ ආදරේ සඳ එළිය විහිදා තබා මගේ හිස නුඹේ උරයේ සුසුම් උණුසුම් සයුරේ නහවා මහා මෙරක් සේ නුඹ පුදපු සෙනෙහස කෙසෙ ලියමිද අකුරු ගලපා පැයු ගඟනත සුපුන් සඳ නුඹ මගේ දිවියේ අඳුර පරදා.. මියෙන තුරු හැර නොයමි නුඹේ [...]

සුළඟට ලෙළෙන රිදී සීනුවකි ප්‍රේමය ….

සුළඟට ලෙළෙන රිදී සීනුවකි ප්‍රේමය .... රනින් නිමවා රවුම් සිරකුටියක් සිර නොකර තබා සිතුම් සිය දහසක් රිදී සීනුවක හැඩයෙන් ගෙන එන්න මිහිරි ප්‍රේමයක් හද උයන හොඳින් පෙනෙනා තැනක සරසමි සුළඟට කවි කියන සිලි සිලි හඬින් මුමුණන ප්‍රීතිමත් සියොත් කටහඬට මිහිරි තනුවක් කියා දිය හැකි

නුරාගී

කට්ට කපන පාලු අදුර නගරේ පුරා විහිදුනා… වීදි කොනක රෑ මනමාලියෙක් මහට ඉගි කලා නුරා බැල්ම පවිටු හැගුම් දහසක් මුසපත් කළා පුන්චි පුතා මගෙ රන්කද සැනෙකින් අමතක උනා ජීවිතයට කාළකන්නිකම ටික ටික මුසු උනා විහින් ගත්ත කරුමය ගැන හිත තාම තැවෙනවා පව්කාර හිත මාව දිනපතා දව දවා නොමරමින් මරනවා… උපුටා ගැනීමකි

ඈය නමින් සකුන්තලා වුවය

සරසවියට හත් දුරුත්ත පැමිණ තිබේ. වෘශ්ටි බලයෙන් එකට ඇලුණු මුහුළසෙන් පීඩා විදි ඇගේ මුව, සන්තන වර්ශණය මධ්‍යයයේ දුටිමි . ඇගේ ඡවියට නුරා පාමින් හිදි පිළි විනිවිද ඇගේ වත දුටිමි. කලාතුරකින් දැකිය හැකි රූ සපුවකින් හෙබි ඈ වර්ශණය මධ්‍යයේ මිහිපිට බට දෙව් දුවක් යැයි සිතුවෙමි. ඇහි පිල්ලමකට වැටි වැසි බිදක් දරා ගත නුහි ඇය ඇසිපිය සැලුවාය. [...]

ප්‍රේමයේ ව්ල් තේරේ..

ප්‍රේමයේ ව්ල් තේරේ.. යෞවනේ මල් වනේ. ඇසේන මේ ගී මියුරු රාවේ සිතට ආරාධනා... සුසුදු හසකැන් ගලා.. දෑස පෙරුමන් පුරා. පාලුවේ තනිවේලා. කටදෝ ඉගි කලා.. ප්‍රේමයේ ව්ල් තේරේ... සිත පවනෑල් ගලා.. නීල තුරු මල් සලා.. අදරේ පිබිදිලාගග.. ලෝකයම ඉගි කලා.. ප්‍රේමයේ ව්ල් තේරේ...

නොතේරෙන

නොතේරෙන සිතුවිලි රිදවන්නේ මේ තරමටම නෙත කදුලු වගුරුවා හඩන්නට හිතයි මට වෙන්වෙලා දුර යන්න හිතන්නේවත් කොහොම ඔය හිතට නොතේරෙන කවියක් ද මගේ හිත..? උපුටා ගැනීම – fb:Kiyatha

නුඹ….!

නුඹ....! නුඹ මගේ හද උපන් සියපත ය කිසිම දා කිසිවෙකුට නෙළා ගන්නට නොහැකි... නුඹ මගේ සිත් අහස තාරපති වළාකුළකට කොහෙත් වසා ගන්නට නොහැකි... නුඹ ම'හද වෙරළ රැඳි මුතු කැටකි කිසිදු රළ පහරකට රැගෙන යන්නට නොහැකි... නුඹ ම'සිත නිබඳ දිලි පහන් සිල කිසි පවන් රැල්ලකට නිවා ලන්නට නොහැකි...

මියදෙන සිත

මේ අහස යට රළු පොළව මත පියමන් කෙරුවේ අපේ මතක අතර තැලෙන පෙලෙන හිත කෑමොරදෙන වේදනාව අහන්න හිතක් නැති වුනාම දෙවියෝ නැති දේවාල ළඟ පිහිටක් යදින්නේ ඇයිද මම කිසිදා නොදැකපු ලොව ඔය ඇස් දෙකෙන් දැක්කම ඇස්වල කඳුළු නිවන්න ඔබට බැරි බව වැටහුනි මට දමා යන්න බැරි දුරක පිදු සෙනෙහස දුරස් කරගෙන මියෙන තුරු මන් නොහඬ [...]